There is 0 item now in your comparison listView a comparison list

Nitrogen: A Global Challenge (Sinhalese)

Price
Free
198 people completed this program

Overview

නිසි ආකාරයෙන් නයිට්‍රජන් භාවිතා නොකිරීම විවිධාකාර වූ ව්‍යසනයන් ඇති කිරීමට හේතුවේ. ඉහල යන ජනගහනය නිසා මතුවන සීමිත ආහාර නිෂ්පාදනය, ජලය හා බලශක්තියේ අසමතුලිත බෙදීයාම සහ ගෝලීය උණුසුම්කරණය ආදී සියලු ගෝලීය අභියෝගවලදී නයිට්‍රජන් ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරයි. නයිට්‍රජන් මානව ශිෂ්ටාචාරය හා කොතරම් කාවැදී ඇත්ද, එය සාර්ථකව කළමනාකරණය කරගතහොත් අනාගතයේදී කෙතරම් ප්‍රයෝජනවත් වේද, නැතහොත් ව්‍යසනයන්/ අවැඩක් වේද යන්න මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ඇත.

දැනට නයිට්‍රජන් පිලිබඳ ඉගෙන ගැනීම විශේෂිතවූ වැදගත්කමක් නොදක්වන , සාමාන්‍ය පටිපාටියෙන් බැහැර වූ එකක් ලෙස සලකන අතර නිෂ්ක්‍රිය වායුවක් ලෙස පරිසරයට සහ ජෛව පද්ධති වලට මහඟු මෙහෙයක් සිදු කරයි . නයිට්‍රජන් ඔබට අවර්තිතා වගුවේ ඇති තවත් විශේෂිත නොවූ මුලද්‍රව්‍යයක් පමණක් යැයි සිතෙන්නේ නම් මේ එය නැවත සලකා බැලීමට කාලයයි.

ඔබගේ මේ පිලිබඳ දැනුම සහ පසුබිම නොතකා මෙම නැවුම් පාඨමාලාව මගින් නයිට්‍රජන් සහ ඒ ආශ්‍රිත ගෝලීය වෙනස්කම් පිළිබඳ මූලික සංකල්ප ඔබට ඉගැන්වෙන අතර, එමගින් එහි අභියෝග සහ ප්‍රයෝජනයන් හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසනු ලැබේ. මෙම පාඨමාලාවේ ප්‍රධාන මාතෘකා ලෙස ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, වායු දූෂණය, ජල දූෂණය, මානව සෞඛ්‍යය සහ ඒ ආශ්‍රිත තවත් වැදගත් දේ අන්තර්ගත වෙයි.

එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ සම්මානලාභී ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කරන මෙම පාඨමාලාව ඔබටද ඉගෙනගැනීමට අවස්ථාවක් ලබාදී ඇත. මෙම පාඨමාලාව හරහා නයිට්‍රිජන් මගින් පරිසරයට ඇතිවන අභියෝගයන් පිළිබඳ විශේෂඥ ප්‍රවේශයක් හා දැනුවත් කිරීමක් සිදු කරන අතර , එමගින් මානව ශිෂ්ටාචාරය මත ඇති කරන තර්ජන වඩාත් හොඳින් ඒකාබද්ධ ක්‍රමවේදයක් හරහා තිරසාර ලෙස නිරාකරණය කළ හැකි ආකාරයද පෙන්වා දෙයි.

දශක ගණනාවක නයිට්‍රජන් හා ගෝලීය වෙනස්කම් පිළිබඳ පර්යේෂණ සිදු කර අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරන, දැනට ලෝකයේ ඇති -ප්‍රථම පාඨමාලාව වන මෙය, ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන්, නයිට්‍රජන් කාර්යක්ෂමතාව පිළිබඳ නිව්ටන්-භාබා අථත්ය කේන්ද්‍රය (Newton-Bhabha Virtual Centre on Nitrogen Efficiency) මගින් සිදු කරයි.

• ගෝලීය නයිට්‍රජන් ආශ්‍රිත අභියෝගයන්, නයිට්‍රජන් මානව ශිෂ්ටාචාරයට උපකාරී වී ඇති ආකාරය සහ එහි අවභාවිතය අපට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබඳ ඉගෙන ගැනීම

• කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි නයිට්‍රජන් කෙතරම් වැදගත්දැයි දැන ගැනීම

• වායු දූෂණය සඳහා නයිට්‍රජන් වල භූමිකාව සහ මානව සෞඛ්‍යය කෙරෙහි එහි බලපෑම වටහා ගැනීම

• නයිට්‍රජන් මගින් ජල සම්පත් දූෂණය වීම සහ එමගින් උද්ගත වන අවදානම් පිළිබඳ ඉගෙන ගැනීම

• නයිට්‍රජන් ආශ්‍රිත ගෝලීය අභියෝගවලට විසඳුම් සහ මෙම වටිනා මූලද්‍රව්‍යය වඩාත් හොඳින් කළමණාකරණය කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීම

Syllabus

සතිය 1: ගෝලීය නයිට්‍රජන් ආශ්‍රිත අභියෝග

නයිට්‍රජන් පිළිබඳ හැඳින්වීම, එහි භාවිතය සහ නයිට්‍රජන් වලින් ගෝලීය ආහාර නිෂ්පාදනයට ඇති වැදගත්කම, පරිසර දූෂණය හා දේශගුණික වෙනස්කම් සදහා නයිට්‍රජන් වල භූමිකාව

සතිය 2: නයිට්‍රජන් සහ කෘෂිකර්මාන්තය

නයිට්‍රජන් චක්‍රය, ආහාර නිෂ්පාදනය සඳහා නයිට්‍රජන් භාවිතය, දේශගුණික විපර්යාස සහ පරිසරය සමග සමඟ අන්තර්ක්‍රියා, ආහාර සුරක්ෂිතතාව සඳහා අනාගත අභියෝග

සතිය 3: නයිට්‍රජන් සහ වායු දූෂණය

නයිට්‍රජන් වල ස්ථානීය හා ගෝලීය වායු දූෂණය, එහි බලපෑම්, ප්‍රවණතා සහ අනාගත අභියෝග

සතිය 4: නයිට්‍රජන් හා ජලය

නයිට්‍රජන් ජලයට එකතු වන ආකාරය, මිරිදිය හා සාගර වලට ඇති බලපෑම්, පරිසර පද්ධති හා මානව සෞඛ්‍යයට ඇතිකරන අවදානම

සතිය 5: නයිට්‍රජන් ආශ්‍රිත ගැටළු වලට විසඳුම්

කෘෂිකර්මාන්තය තුළ නයිට්‍රජන් භාවිතය වැඩිදියුණු කිරීම, ගැලපෙන ආහාර තෝරාගැනීම, වාතය හා ජල දූෂණය වැළැක්වීම, ඒකාබද්ධ කළමණාකරණ ක්‍රම

Reviews (0)

Help others make their choice. Be the first one to leave a review

Leave a review
Nitrogen: A Global Challenge (Sinhalese)
Beginner
EnglishSinhala
5 weeks
Self-paced
Online
This website uses cookies to ensure you get the best experience